පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නට ටෙන්ඩර් කැඳවයි .

ඛනිජ වැලි පිරිසැකසුම් කිරීමෙන් නිපදවන ලද ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉල්මනයිට් ඇතුළු ඛනිජ වැලි තොගයක් විකිණීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමට රජය තීරණය කර ඇතිබව වාර්තා වේ .

ඒ අනුව, පිරිපහදු කළ ඉල්මනයිට්, A සහ B ශ්‍රේණියේ ඉල්මනයිට්, සර්කෝන් (Zircon), රූටයිල් (Rutile), hiTi ඉල්මනයිට් සහ පිරිපහදු නොකළ රූටයිල් (Crude Rutile) මෙලෙස ලංසු කැඳවා විකිණීමට නියමිතය.

මෙම ලංසු ඉදිරිපත් කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි අතර, ගැනුම්කරුවන්ට අවශ්‍ය ප්‍රමාණයන් අනුව ඇණවුම් ලබා දීමටත් ඛණිජ වැලි තොගයේ හිමිකාරීත්වය දරණ පුල්මුඩේ ඛණිජ වැලි සමාගම තීරණය කර ඇත. ඛනිජ වැලි භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් දේශීය පාර්ශවයන්ට ද මෙම ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

ලැබෙන සියලුම ලංසු ජූලි මස 21 වැනිදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විවෘත කිරීමේ කමිටුව හමුවේ විවෘත කිරීමට නියමිතය.