සාම ගිවිසුමේ ආරංචිය සමග තෙල්මිල පහළ යයි .

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇති අතර, එමෙන්ම, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.89 දක්වා පහළ වැටී ඇති බව ද සඳහන් වෙයි .