බිලියන 4ක වංචාවකට සමාගම් දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට

ලාබාංශ ලබදෙන බව කියමින් පුද්ගලයන් 2,000 කට ආසන්න පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත .

මෙම සමාගම් දෙම මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටා ඇති බවත්, එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇතිබවත් වාර්තා වේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.