මැදපෙරදිග යුද්ධය නතර කරනා ගිවිසුම සිකුරාදා අත්සන් තැබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන – අමෙරිකා යුද්ධය නිමාකරවන සාම ගිවිසුම ලබන සිකුරාදා , එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි . ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීම නිසා 2026 වසරේ පෙබරවාරි 28 වනදා යුද්ධය ආර,භ විය . මෙම සාම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ යුද්ධය ඇරඹුණු දින සිට දින 111 ක් ගෙවීගිය පසුවය .

සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා ඇති අතර, ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බව ඔහු පවසයි .

ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමග ය. එම ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙයිනී අතුළු විශාල පිරිසජ් ජීවිතක්ෂයට පත් වූ අතර දැවැන්ත ව්නාශයක් ඉරානයට සිදු විය.

එදින ජීවිතක්ෂයට පත්වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය ජූලි 4වනදා ආරම්භ වන අතර ජූලි 9 වැනිදා භූමදානය සිදු කෙරෙනු ඇත.