2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කණ්ඩායම යටතේ පැවැති තරඟයකින් කුරසාවෝ කණ්ඩායම පරදවා ගෝල 7-1ක විශිෂ්ට ජයක් ලැබීමට ජර්මනිය සමත් විය .
තරඟය ආරම්භයේ සිටම ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ජර්මානු ක්‍රීඩකයෝ තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 4ක් ලබා ගනිමින් පෙරමුණ ගත්හ .
ප්‍රබල ජර්මානු කණ්ඩායම හමුවේ දැඩි පසුබෑමකට ලක් වූ කුරසාවෝ කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය තරඟයේ 73 වන මිනිත්තුවේදී වාර්තා විය .
කෙසේවෙතත් මෙම ජයග්‍රහණයත් සමඟ තම කණ්ඩායම් කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගැනීමට ජර්මනිය සමත්ව තිබෙනවා. ජර්මනිය පාපන්දු ලෝක කුසලානයක සිය පළමු තරගය ජයගත්තේ වසර 12කට පසුවයි.