මෙට්‍රෝ බස් රථ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් පදනම් කර සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇතිබව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි .
ප්‍රවාහනය යනු ඉතා පුළුල් විෂයයක් වන නමුත්, එහි මතුපිට කරුණු පමනක් බලා විවේචන සිදු කරනා පුද්ගලයන් පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඔහු පවසයි .
වර්තමානයේ ප්‍රවාහන ක්ෂේස්ත්‍රය පිළිබඳව කරනා විවේචන කරනා තරුණයන් ළමුන් වැස්සකටවත් ඉස්කෝලේ ගොස් ඇතිදැයි තමන් සැකයක් ඇතිවන බවත්, ඔවුනට අවශ්‍ය නම් ප්‍රවාහනය පිළිබඳව තොරතුරු ලබාදීමට තමන්ට හැකි බවත් ඔහු සඳහන් කළේය .
මේ දිනවල ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව අති මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් මීට පෙරද ලිඛිතව යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවද ඔහු සඳහන් කරයි .