බංග්ලදේශය සිය අගමැති තාරික් රහමාන්ගේ යෝජිත ඉන්දියානු සංචාරය සිදුකිරීමට නම් දැනට ඉන්දියාවේ රැකවරණ ලබනා හිටපු අගමැති ෂෙයික් හසීනා වහා බංග්ලාදේශයට පිටුවහල් කළයුතු බව එරට විදේශ අමාඅත්‍යංශය මේවන විටත් නිළ වශයෙන් ඉන්දියාවට දැනුම් දී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
2024 වසරේ ඇති වූ ජනතා විරෝධතා හමුවේ පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනීය මේවන විට ඉන්දීය රජයේ රැකවරණය මත සිටින්නීය . මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව බංග්ලාදේශ අධිකරණය හමුවේ විභාග වූ චෝදනා වරදකරු වී ඇති ඇයට මරණ දණ්ඩනය නියම වී ඇත .
බංග්ලාදේශයේ ඉල්ලීම “පරීක්ෂා කරමින් පවතින” බව ඉන්දියාව මීට පෙර ප්‍රකාශ කර තිබුනද මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා ඇත .
දකුණු ආසියාවේ බොහෝ රාජ්‍ය නායකයන් සිය පළමු විදෙස් සංචාරය ඉන්දියාවට සිදු කිරීමේ සම්ප්‍රදායෙන් බැහැරව බංග්ලාදේශ අගමැතිවරයා මැලේසියාව සහ චීනය යන රටවල සංචාරය කර ඇත. මෙම තත්ත්වය සහ බංග්ලාදේශය වීසින් හිටපු අගමැතිනිය පිටුවහල් කරනා ලෙස කොන්දේසියක් ලෙසින් පැවසීම පිළිබඳව ඉන්දියාව බරපතල ලෙස සලකණු ඇතිබව දේශපාලන විචාරකයන් පෙන්වාදෙති .