යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අම්බලන්ගොඩ, කන්දේගොඩ ආදාහනාගාරයේ සොහොන් කොතක් අසල සඟවා තිබූ රුපියල් මිලියන 16.8කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මාතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද මෙම වැටලීම සිදු කර ඇති බව යුද හමුදාව පවසයි.
ආදාහනාගාර පරිශ්‍රයේ පිහිටි සොහොන් කොතක් අසල සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව වාර්තා වේ . අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.