නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සඳහන් කරයි .
ඒ අනුව නෝර්වුඩ් සහ ලිඳුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුව ඇති බව කියන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදුන් ආපදා මුදල් සහ කොවිඩ් සමයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් රුපියල් 5,000 දීමනාව ඇතුළු සහනාධාර නිසි ලෙස ප්‍රතිලාභීන් වෙත ලැබී ඇත්ද යන කරුණු එම විඝණනයේදී පරීක්ෂා කරනු ඇතැයි ඔහු සඳහන් කරයි .
ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා කාලයට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් විගණනය කිරීමට නියමිත බවත්, ඊට අවශ්‍ය තොරතුරු සූදානම් කර ගන්නා ලෙස ඔහු අස්වැසුම ප්රතිලාභීන්ගෙන් සහ අඩු ආදායම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය .
මෙම විඝණනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසයි .