වෙනිසියුලාවේ සිදුවූ ප්‍රබල භූමිකම්පා ද්විත්වය හේතුවෙන් සිදුවූ මරණ සංංඛ්‍යාව මේ වනවිට 164 දක්වා ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
භූමිකම්පා දෙක හේතුවෙන් කැරකස් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා සුන්බුන් අතර සිරව ඇතිබවත්, එම ප්‍රදේශයන්හී මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි එම මාධ්‍ය පවසයි .
වෙනිසියුලාවේ දශක ගණනාවකින් ඇති වූ දරුණුතම භූමිකම්පාව මෙය වන අතර එය කැරකස් සිට බටහිරට කිලෝමීටර් 160ක් (සැතපුම් 100) පමණ සිදුව ඇත . රිච්ටර් මාපකයේ 7.2 ක් ලෙසින් සඳහන් වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත .
එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, අගනුවර අසල පිහිටා ඇති වඩාත්ම පීඩාවට පත් ප්‍රාන්තය වන ලා ගුයිරා අවදානම කලාපයක් ලෙස නම්කර ඇත.