මේවන විට රැඳවුම් නියෝගමත රඳවාගෙන සිටිනා කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත්ව තිබේ.
මැලේසියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ඔහු එරටින් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදි . ඊයේ (25) රාත්‍රියේ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දි ඇත .
41 වෙනි වියේ පසුවන මෙම පුද්ගලයා කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර ඇත.
2022 ජූලි මස ගම්පහ අධිකරණ පරිශ්‍රය ආසන්නයේදී “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.