වාහන ආනයන සීමාවන් ලඟදීම ඉවතට .

දැනට පවතින වාහන අනායන සීමාවන් තව දුරටත් ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවැසීය. ඔහු ඒ බව පැවසූවේ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද Motor Rally 2026 වාහන ප්‍රදර්ශන පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි .

මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කර තිබූ නමුත් වර්තමානයේදී එකී තහනම ඉවත්කර ඇති බවත් පවසු අමාත්‍යවරයා, පුරවැසියන්ට තමන්ගේම වාහනයකින් පහසුවෙන් ගමන් බිමන් යෑමට සහ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති අයිතිය රජය පිළිගන්නා බවද පැවසීය .

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ වාහන් ආනායනය නැවත ආරම්භ කිරීමට රජයට හැකි වූ බවත්, අද වන විට ඕනෑම වර්ගයක වාහනයක් සීමාවකින් තොරව ආනයනය කිරීමේ අවස්ථාව පවතින බවත් ඔහු පෙන්වාදුන්නේය.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව යම් යම් සීමාවන් පනවා ඇති බවත්, එම සීමාවන් කෙටිකාලීන වන අතර ඉදිරියේදී ඒවා ඉවත් කරන බව ද අවධාරණය කළේය.