2026 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ පාසල් කටයුතු දෙසැම්බර් මස 04 වන දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව පවසයි. ඒ අනුව හෙට (30) සාමන්‍ය දිනයක් ලෙස සළකා පසැල් පැවැත්වෙන බව ඔහු පැවසීය .
අද (29) මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
හෙටින් ආරම්භ වන නොවැම්බර් 30 වන දිනෙන් ඇරඹෙන මෙම සතිය, වර්ෂයේ තෙවන වාරයේ අවසාන සතිය වන බැවින්, සියලුම අදාළ පාර්ශවයන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බව ඔහු පවසයි.
මෙවර වර්ෂයේ ආරම්භයේදී ඇති වූ යම් යම් විශේෂ තත්ත්වයන් (විශේෂයෙන්ම දිට්වා තත්ත්වය හේතුවෙන් විභාග කල්දැමීමට සිදුවීම නිසා මුලින් සැලසුම් කළ පාසල් දින 197ක ප්‍රමාණය දින 186ක් දක්වා අඩිවී ඇතිබවද ඔහු සඳහන් කළේය . එබැවින් තවදුරටත් පාසල් දින අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අවධාරණය කළේය . අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දෙමාපියන්ගෙන් සහ පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, හෙට දිනය (නොවැම්බර් 30) සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසය.