යාපනයේ වෙළඳසැල් ඉවත්කිරීම ජාතිවාදී ක්‍රියවක් නොවේ .

යාපනය ප්‍රදේශයේ අනවසර වෙළඳසැල් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග ජාතිවාදී ලෙස අර්ථකථනය නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඉල්ලා සිටී .

පාර්ලිමේන්තු සභාවාරය ඊයේ (28) අමතමින් යාපනයේ පිහිටි ‘මාතර ඇඹුල’ ආපනශාලාවේ අනවසර කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ආපනශාලාවේ හිමිකරුගේ එකඟතාව මත එහි ඉදිරිපස තිබූ අනවසර කොටස ඉවත් කර ඇති බවයි.

අනවසර වෙළඳසැල් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග යාපනයේ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවල ද සිදු වන බවත්, එවැනි ක්‍රියා ජාතිවාදී ලෙස අර්ථකථනය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවත් අමාත්‍යවරයා පැවසීය . ජාතිවාදය සහ ආගම්වාදය මත යැපීමට අවශ්‍ය කොටස් ඒ ආකාරයෙන් හැසිරීමකණගාටු දායාක බවද අමාත්‍යවරයා පැවසීය .

එසේම, උතුරේ විරු සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කෙරෙන ඇතැම් අන්තර්ගතයන් වෙනත් රටවල හෝ වෙනත් ස්ථානවල සිදුවූ දේවල්වලින් ලබාගත් ඒවා බවට ද අමාත්‍යවරයා සඳහන් කළේය .