වජිරට මැතිව් පීරිස් පියතුමා මතක් වෙයි .

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ගලගොඩ අත්තේ ඥානසාරගේ චීවරය බන්ධනාගාර නිළධාරීන් විසින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වයි .

ඔහු පවසනුයේ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇංග්ලිකන් පූජකවරයකු වූ මැතිව් පීරිස් පියතුමා, සිය ආගමික ඇඳුම වන සුදු පැහැති ලෝගුව පැළඳ අධිකරණයට පමුණුවන ලද බවයි.

“මැතිව් පීරිස් පියතුමාට ඔහුගේ ආගමික ඇඳුම ඇඳීමට ඉඩ දීම ගැන අපි වරදක් දකින්නේ නැහැ. මෙහි ඇති ගැටලුව වන්නේ බලධාරීන් විසින් බුද්ධාගම ඉලක්ක කරගනිමින් කටයුතු කරන බවට එල්ල වන චෝදනාවයි” යැයිද ඔහු පැවසීය.