ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේවන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මීට පෙර අවස්ථාවකද ඔහුට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවනු ලැබූවද ඔහු එම කැඳවීමට ප්‍රතිචාර දැක්වුයේ නැත . අනතුරුව පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් තිබුණි.
එම අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති අතර, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව අද ඔහු මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇත.