රත්මලානේ සයිමාගෙන් පාතලයේ රහස් රැසක් හෙළිවෙයි .

මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඊට අමතරව ඔහු කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවී සිටිමට ද සහය ලබාදි ඇති බවද පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේදී එරට පොලිසිය සමග එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයමුකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි . සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කංජිපානි ඉම්රාන් නැමැති අපරාධකරුගේ සියලු මුල්‍ය කටයුතු ඔහු විසින් මෙහෙයවා ඇති බවය. ඊට අමතරව ඔහු කන්ජිපානී ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතුද මෙහෙයවා ඇතිබව වාර්තා වේ