සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ඇතිබව වාර්තා වේ .
නෞකාවේ එන්ජින් කාමරයට ජලය ඇතුළු වීම හේතුවෙන් නෞකාව ක්‍රියා විරහිත වී ඇත. එ අනුව ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් සමග නෞකාව ටග් යාත්‍රා 4ක් ආධාරයෙන් ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙන ඒමට පියවර ගත් බව හම්බන්තොට වරාය ආරංචිමාර්ග පවසයි .
හම්බන්තොට වරාය පැවසුවේ නෞකාව වරායට ඇතුලු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳි සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරාය මගින් නෞකාවට අවශ්‍ය සහාය ලබා දීමටද පියවර ගත් බවයි.
එමෙන්ම මේ වන විට වරාය පරිශ්‍රයට රැගෙන විත් ඇති මෙම නෞකාව මේ වන විට අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කර ඇති ස්ථානයක රඳවා ඇති බවත් දේශීය නියෝජිත සමාගම ඒ සඳහා මැදිහත්වීමට නියමිත බවත් වාර්තා වේ .