මිහින්තලේ බිල ගෙව්වොත් ලයිට් දෙනවා ඇමති කන්චන කියයි

මිහින්තලා පොසොන් උත්සවයට විදුලිය ලබා දීමට කිසිම ගැටළුවක් නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

එහෙත් ඒ සඳහා විදුලිබල මණ්ඩළය විසින් ලබදී ඇති විදුලි පිරිවැය ඇස්තමේන්තුවේ සඳහන් මුදල ගෙවිය යුතු බවත්, එය ගෙවූ පසු විදුලිය ලබා දීමට කිසිදු ගැටළුවක් නැති බව ද ඔහු පැවසීය.

මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි පළ වන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් පැවසූ ඔහු මේ දිනවල යම් නාට්‍යයක් රඟ දැක්වෙන ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද කියා සිටියේය.

මේ වන විට මිහින්තලා පුදබිමට පොසොන් උත්සවය වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දී ඇති බවද පැවසූ ඔහු පවතින ගාස්තු ක්‍රමය අනුව මිහින්තලා හිමියන්ට අවශ්‍ය පරිදි විදුලිය ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *