අද පස්වරුවේ මිද්දෙණිය උල්හිටියාවේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ ගේ මව මියගොස් ඇති බව වාර්තා වෙයි .
එම වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. එහෙත් ප්රතිකාර ලබනා අතර තුර ජීවිතක්ෂයට පත්ව තිබේ .
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා