DNA පරීක්ෂණයක් සඳහා ඉදිරිපත්වන ලෙස පල්ලේගම හිමිට නියෝගයක්.

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බව කියන සිද්ධියක සැකකාරුවෙක් වන හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඊයේ (12) නියෝග කළේය .

එළඹෙන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමිනමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .

නිට්ටඹුව පොලිසිය විසින් සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය .

අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දින DNA පරීක්ෂණයක් සඳහා නඩු භාණ්ඩ ලෙස වින්දිත දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත්, රුධිරය තැවරී ඇතැයි සැක කෙරෙන ඇඳුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව නිට්ටඹුව පොලිසිය අධිකරණයට දැන්වීය .

එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් DNA පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” එහිදී තහවුරු වී ඇත. එකී DNA ඇලීල සමග ගැලපීමට සැකකාර හිමියන්ගේ DNA සාම්පල ලබාගත යුතු බව එම වාර්තා වේ වැඩි දුරටත් සඳහන් වෙන බව නිට්ටම්ඹුව පොලිසිය අධිකරණයට හමුවේ සඳහන් කරනා ලදි .