මාරාන්තික හන්ටා වෛරසය පැතිරෙන නෞකාවෙන් මගින් ඉවත් කරයි.

මාරන්තික ‘හන්ටා’ වෛරසයක් පැතිර ගිය නෙදර්ලන්තයට අයත් ‘MV Hondius’ නෞකාවෙන් මගීන් ඉවත් කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුඛෝපභෝගී මගී නෞකාවක්වන ‘MV Hondius’ මේ වනවිට ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආශ්‍රිතව නැංගුරම් ලා ඇත .

රටවල් 23ක් නියෝජනය කරමින් මගීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙම නෞකාව තුළ සිරවී සිටියි . එම මගීන් ඔවුන්ගේ රට අනුව කණ්ඩායම්වලට බෙදා කුඩා බෝට්ටුවලින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

හන්ටා වෛරසය ආසාදිත එම නෞකාවේ මගීන්ගෙන් තිදෙනෙකු දැනටමත් මියගොස් ඇති අතර, තවත් පිරිසක් බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙයි. දැනට සිදුවෙන මුදාගැනීමේ කටයුතු සම්බන්ධව අදහස් දක්වන ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමතිනී මොනිකා ගාර්ෂියා ගෝමස් පැවසුවේ, සියළු කටයුතු සාමාන්‍ය ලෙස සිදුවන බවත්, නෞකාවේ සිටින සියලුම මගීන්ගෙන් රෝග ලක්ෂණ වාර්තා වී නොමැති බවත් ය.

රොඩන්ට් නම් මීයන් විශේෂය මාර්ගයෙන් සාමාන්‍යයෙන් ව්‍යාප්ත වන හන්ටා වෛරසය ආජන්ටිනාවේදී නැවේ මගීන්ට ආසාදනය වන්නට ඇතිබව විශ්වාස කෙරේ . ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් නොමැති බවයි. එහෙත් එහි මරණ අනුපාතිකය 40% තරම් ඉහළ අගයක් ගනී .