බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කරයි .

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටින නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක චතුරංග එරංග දිසානායක අද නියෝග කළේය .

හිටපු අමාත්‍යවරයාට එරෙහිව පනවා ඇති නඩුව අද (21) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනා ලදි .

මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු පසුගිය මැයි (22) වැනිදා ද පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළේය .

හිටපු බැසිල් රාජපක්ෂ මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටිනා අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙරටට පැමිණිය නොහැකිව ඇතිබව ඔහු වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥයෝ අධිකරණයට දන්වා සිටිනා ලදි .