පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වළක්වාලන නියෝගයක් ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ගොනු කර ඇති රිට් පෙත්සම ලබන 27 වනදා නැවත සලකා බැලීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය .
අභියාචනාධිකරණය හමුවේ අද එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද සිය දේශන අවසන් කරනා ලදි .