ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට පක්ෂ කාර්යාලය තුළදී ගුටි බැට ප්‍රහාරයක් එල්ල වී ඔහු රෝහල් ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන බව බහුජන බලය සංවිධානයේ මිලින්ද රාජපක්ෂ පැවසීය .
අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, වැඩිහිටි දේශපාලනඥයෙකු වන ටිල්වින් සිල්වා පහර දී ඇතැයි පැතිරෙන පුවතින් තමා කම්පාවට පත්වූ බවත් , ඔහුට එවැනි කරදරයක් සිදු නොවන්නට ප්‍රාර්ථනා කරන අතර ඔහුට ඉක්මන් සුවය පතන බවයි.
එමෙන්ම රටේ වත්මන් දේශපාලන සංස්කෘතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව මිලින්ද රාජපක්ෂ බරපතල විවේචනයක් ඉදිරිපත් කළේය .
අතීතයේදී රාජ්‍ය නායකයන් මැතිවරණ වේදිකාවලදී අවධාරණය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ආකාරය පිළිබඳව වුවද, වත්මන් ජනාධිපතිවරයා වේදිකාවල සිට පවසන්නේ කිසියම් පුද්ගලයෙකු නිශ්චිත දිනයකදී බන්ධනාගාරගත කරන බවත්, ඒ සඳහා ජනතාවට අත්පොළසන් දෙන ලෙස බවත් මිලින්ද රාජපක්ෂ එහිදී පැවසීය .
සිරගත කරවීමට නියමිත පුද්ගලයන්ට “හිරේ යන්න බැරි නම් සියදිවි නසාගන්න” යනුවෙන් බලධාරීන් පවසන බවත්, එය වර්තමානයේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන දිවුරුම් ප්‍රකාශ මඟින් පවා තහවුරු වන බවත් මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වාදෙනවා.
යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්ට අද වන විට සියදිවි නසාගැනීම යහපත් යැයි සිතෙන තරමට මර්දනයක් දියත් වී ඇති බව ඔහු චෝදනා කළේය .
එමෙන්ම පහර දීමට ලක්වූ බව පැවසෙන පෙර ටිල්වින් සිල්වා විසින්ම “මින් ඉදිරියට වෙනත් ආණ්ඩු නැති බවත්, වෙනත් ආණ්ඩු හදන අයට සියදිවි නසාගන්නා තත්ත්වයට කටයුතු කරන බවත්” මිලින්ද රාජපක්ෂ මෙහිදී සිහිපත් කළේය .