2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) ආරම්භ කරනු ලැබීය
ඩිජිටල් ආර්ථිකය නංවාලීම සහ වගකීම් සහිත කෘත්‍රිම බුද්ධි (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විශිෂ්ටතා කේන්ද්‍රයක් විජේරාම මාවතේ පිහිටුවීමට රජය යෝජනා කරයි .
එමෙන්ම පාසල් සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් තෝරාගත් සිසුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර් පත් ලබාදීමටද රජය යෝජනා කර ඇත.
තවද, රටේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර නව සන්නිවේදන කුළුණු ඉදිකිරීම සඳහා වසර පහක බදු සහනයක් ලබාදී ඇති බවත්, 2030 වසර වන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීම සඳහා සන්නිවේදන කුළුණු 700ත් 800ත් අතර සංඛ්‍යාවක් ඉදිකිරීමේ අවශ්‍යතාව පවති.