පල්ලේගම හිමි 12 දක්වා රිමාන්ඩ් .

බාල වයස්කාර දැරියක් අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය .

අත්අඩංගුවටගත් හේමරතන හිමියන් රෝහල් පරිශ්‍රයේදීම මහේස්ත්‍රාත්වරයා විසින් පරික්ෂා කරන ලදි . අනතුරුව උන්වහන්සේ වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

උන්වහන්සේ ලබන 12 වනදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .