පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තීන්දුවක් ජූලි 31 වනදා .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙ අද කැඳවනු ලැබීය .

එහිදී එම නඩුවේ තීන්දුව ජුලි මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නීතිපතිවරයා විසින් පවරා ඇති මේ නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළේය .