ස්ත්‍රී දූෂණයකට වැරදිකරුවෙක් වු රජකුමරාට වසර 4 ක සිර දඬුවමක්.

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරුවූ නෝවේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට් මාරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා හට වසර 4ක සිරදඩුවමක් නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ස්ත්‍රී දූෂණ චෝදනා මත 2024 වසරේ දී මාරියස් බෝග් හොයිබි කුමරා අත්අඩංගුවට ගත් අතර ඊට අදාල ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර ඇත .

ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඉන් චෝදනා දෙකකට පමණක් ඔහු වැරදිකරු බවට අධිකරණය හමුවේ තහවුරු වී ඇති අතර නියම වූ දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාගේ නීතීඥවරුන් සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි .

මෙම සිදුවීමෙන් නෝර්වේ රාජකීය පවුලේ ජනප්‍රියත්වයටද දැඩි බලපෑමක් එල්ල වී ඇත .