අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් දිලිත් ජයවීර, මහින්ද පතිරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන අයට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශන කටයුතුවලට අදාළවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, 2024 අංක 8 දරන අධිකරණ විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයන් හට අභියාචනාධිකරණය හමුවේ චෝදනා පත්ර ගොනු කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් කොටුව මහේස්ත්රාත් පසන් අමරසෙකර වෙත දන්වා සිටින ලදි .
ඒ අනුව, අදාළ විමර්ශන සඳහා ජූලි 01 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් වෙත නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත .