දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ උපත් පාලන උදෙසා කාන්තාවන් විසින් බහුල ලෙස භාවිතා කරන, “මිතුරි” ලෙස හඳුන්වන උපත් පාලන පෙති මේවන විට වෙළඳපොළේ නොමැතිවීම හේතුවෙන් බරපතල ගැටළු රැසක් මතුවෙමින් තිබෙනා බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනය මගින් බෙදාහරනු ලබන මිතුරී පෙති මේ වන විට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය නොමැතිවීම නිසා, මෙරට කාන්තාවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පෙන්වාදෙන ඔහු ”මිතුරි” පෙති උපත් පාලනයට පමණක් නොව වෙනත් කාන්තා රෝග සඳහාද නිර්දේශ කරනා බව පවසයි .
මිතුරි යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය මුඛ උපත් පාලන පෙත්තක් වන අතර එහි සාර්ථක බව 99.9% තරම් ඉහළ අගයක් ගනී . මෙම පෙත්ත වෙනුවට භාවිතා කරන අනෙකුත් ආදේශක ඖෂධ වර්ග වලද දැඩි හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
ඖෂධවල මිල නියාමනය මත මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම ආශ්‍රිතව දුෂ්කරතා මතුව ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග තහවුරු කරන බව ඔහු සඳහන් කරයි .