ප්‍රචණ්ඩත්ත්වයට එරෙහිව උද්ඝෝෂණය කළ පාකිස්ථානුවන් 14 ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පොලිස් ස්ථානයක් ඉලක්ක කර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 22 ක් තුවාල ලබා ඇත . මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසකි .

පොලිස් ස්ථානයේ ප්‍රවේශය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරු පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇත .ඒ සමගම ඔහු සිය සිරුරට සම්බන්ද කර තිබූ බෝම්බය පුපුරවා ගෙන ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වට කර වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. තුවාල ලැබූවන් රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්ථා වේ.