මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක්.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . අද (03) අළුයම නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වේ.

මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වේ.

එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ජල මට්ටම ඉහළ යාම නිසා ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය විය හැකි බැවින්, ජල මට්ටම ඉහළ යාම ගැන මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කළයුතු බවත් වාරිමාඅර්ග දෙපාර්තමේන්තුව පවසයි .