නිවාස සංවර්ධන අධිකාරියේ මහාපරිමාන අක්‍රමිකතාවයක් . සාමාන්‍යාධිකාරීවරයාත් අනිවාර්ය නිවාඩු යවයි .

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතිබව වාර්තා වේ .

ආයතන සංග්‍රහය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය නීතිරීති උල්ලංඝනය කරමින් සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකරන ලදැයි කියන බරපතල ගණයේ අක්‍රමිකතා කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එම අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ. සිරිනාථ විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව සාමාන්‍යාධිකාරීවරයාව වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු යවා ඇති අතර, එම නිවාඩු කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු කාර්යාලයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වීම ඔහුට තහනම් කර ඇත.

සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳ ඉදිරියේදී විමර්ශණයක් පැවැත්වෙනු ඇති බවත්, යම් හෙයකින් එකී චෝදනා ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ. සිරිනාථ පැවසීය.