දේපළ බද්ද ගැන ආණ්ඩුව සහ IMF සංවිධානය අතර විරසකයක් .

2027 අයවැය යෝජනා මගින් ‘අමතර දේපළ බද්ද’ (Secondary Property Tax) හඳුන්වා දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජය සහ එම සංවිධානය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඕනෑම පුද්ගකයෙක් සතු අතිරේක හෝ දෙවැනි නිවාසය සඳහා බද්දක් අයකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන අතර, එය මෙම වසරේ අයවැය යෝජනා සඳහා ඇතුළත් කිරීමට IMF සංවිධානය යෝජනා කර ඇත . එහෙත් වෙනත් දැනටමත් රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් එවැනි බද්දක් අවශ්‍ය නොවන බවට රජයේ මතය වී ඇත .

2023 වසරේ ඇති කරගත් මූලික එකඟතාවට අනුව 2025 වන විට දිවයින පුරා පොදු දේපළ බද්දක් පැනවීමට නියමිතව තිබිණි . එහෙත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දේපළවලට අදාළ බදු ආදායම පළාත් සභාවලට හිමිවන බැවින් මධ්‍යම රජයට සෘජුව බදු පැනවිය නොහැකි වීම නිසා එම බද්ද පැනවීම පමාවී ඇත .

එම ව්‍යවස්ථාපිත ගැටලුව මඟහැරීම සඳහා IMF සංවිධානය විසින් 2024 අගෝස්තු මාසයේදී විකල්පයක් ලෙස ‘ආරෝපිත කුලී ආදායම් බද්ද’ (Imputed Rental Income Tax – පුද්ගලයෙකුගේ නිවසින් ලැබිය හැකි අනුමාන කුලී වටිනාකම ආදායමක් ලෙස සලකා බදු පැනවීම) 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කළේය.

නමුත් 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු බලයට පත් වත්මන් රජය එය ප්‍රායෝගික නොවන බව තීරණය කරමින් එම යෝජනාව අත්හැර දමන ලදී.