ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ‘වොල්බැකියා’ (Wolbachia) මදුරු මර්දන ක්‍රමය සහ ඩෙංගු මර්දන එන්නත හඳුන්වාදීම පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට දීර්ඝ කාලයක් ගතවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.
ඒ අනුව වොල්බැකියා වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීම සඳහා වන මූලික ලේඛන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවති . එහි මුලික අංගයක් ලෙස ශ්‍රී ලංකාව තුළ විශේෂ පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සහ වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරු බිත්තර ලබාගැනීම සිදුකළ යුතුව ඇත.
මෙම ක්‍රියාවලිය යටතේ මෙරටින් යවන මදුරු බිත්තර ඕස්ට්‍රේලියාවට යවා එහිදී එම බිත්තරවලට වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු කිරීමේ තාක්ෂණික පියවර සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා මාස 6 කට වැඩි කාලයක් ගතවේ.
සියලු කටයුතු සැලසුම් කළ පරිදි සිදු වුවහොත්, වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයට මුදාහැරීමේ ප්‍රායෝගික අදියර ලබන වසරේදී (2027) සිදුකිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, යෝජිත ඩෙංගු මර්දන එන්නත සඳහා අදාළ සැපයුම්කරු ලියාපදිංචි කිරීමේ මූලික සමාලෝචන කටයුතු ද මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.