දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිදැයි දැනගැනීමට පරීක්ෂණ කට්ටලයක්

තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත්දැයි මවුපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලීම සඳහා ෆාමසි (ඔසුසල්) හරහා විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල (Drug testing kits) හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත්වී අති අතර එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අදාළ සියලුම ආයතන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම එක් එක් ආයතනය භාරගෙන ඇති වගකීම් සහ වැඩසටහන්වල ප්‍රගති වාර්තා සභාවේ මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.