ඩෙංගු රෝගීන් ගණන 65000 ඉක්මවයි. දනට මරණ 45 යි .

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙම වසර තුළ වාර්තා වූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 65,034 ක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි .

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනුයේ ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වී අති බවයි . ඊට අමතරව ජූලි මාසයේ පළමු දින 08 තුළදී පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කරයි .

බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු ව්‍යප්තියක් දැක ගත හැකි අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සිය වාර්තාවේ සඳහන් කර ඇත . ඊට අමතරව දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600 ක් හඳුනාගෙන ඇතිබව එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි .