ඩොලරය හමුවේ රුපියල තව දුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, අද (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් වී ඇත. එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 340.86 ක් ලෙසය .

ඊයේ (08) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙස සටහන් විය.