ජනප්‍රිය ටික්ටොක් තරුව වෙඩි තබා මරා දමලා

ඉරාකයේ සමාජ මාධ්‍ය තරුවක් වන ඕම් ෆහාඩ් බැග්ඩෑඩ් ඇගේ නිවසින් පිටතදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැගෙනහිර සයින්හිදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත් එම කාන්තාව නාඳුනන ප්‍රහාරකයන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවයි.

එමෙන්ම ඇගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිහිටුවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

ටික්ටොක් සමාජ ජාලයේ ඕම් ෆහාඩ් ලෙස ප්‍රකට වුවත් ඇයගේ සැබෑ නම වන්නේ ගුෆරාන් සවාඩිය.

මෙලෙස ඇය සිටි මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුවක් අතැතිව සිටි තනි පුද්ගලයකු බව වාර්තා වනවා.

ඉරාක තොරතුරුවලට අනුව ප්‍රහාරකයා ආහාර බෙදාහරින්නකු ලෙස පෙනී සිට තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බවත් සඳහන් වනවා.

අධිකරණය විසින් ඇයට ‘විනීතභාවය සහ පොදු සදාචාරය’ හෑල්ලූවට ලක්කරන ‘අශෝභන’ ලෙස සැලකෙන අන්තර්ගතයන් ඇතුළත් වීඩියෝ දර්ශන බෙදාහැරි බවට තීන්දු කරමින් පසුගිය වසරේදී මාස හයක සිර දඬුවමක්ද නියම කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පිළිකුල් සහගත යැයි හැඟෙන අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීම සහ ඊට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සඳහා රජයේ කමිටුවක් ස්ථාපනය කිරීමට ඉරාක රජය මෑතකාලීනව ගනු ලැබූ පියවරකින් පසුව මෙම නීති එරට තුළ ක්‍රියාත්මක වනවා.

රුව වඩවා ගැනීම සඳහා බොහෝ ප්ලාස්ටික් සැත්කම් කර ඇති බව කියන නයීම් ‘ඉරාකයේ බාර්බි’ ලෙස හඳුන්වනවා.

නයීම් විසින් ඕම් ෆාහඩ් වෙත තර්ජනය කරමින් පවසා ඇත්තේ ඉරාක ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ෆාහඩ්ගේ ඇති සම්බන්ධය හෙළි කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!