කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තවත් අවධාරණාත්මක නිවේදනයක්

අද (03) පස්වරු 1 සිට හෙට (04) පෙරවරු 8.30 දක්වා තද වැසි ඇති වෙන බවට පිළිබඳ සිව්වන අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වෙන අතර එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්මල සහ ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *