ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වූ ජනාධිපති රටින් පිටව යාම හේතුවෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ පවට තමන් මේ පාස්කු නඩුවට පැටළුණු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද පැවසීය .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසීය .
එවකට රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ද මීට අදාල තොරතුරු දැන සිටි බවත්, එම තොරතුරු සැඟවීමට ඔහු කටයුතු කළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
සිය විත්තිවාචිකය ඉදිරිපත් කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වැඩි දුරටත් මෙසේ පැවසීය .
අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම හේතුවෙන් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයකට අනුව රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් කරනු ලැබූව ද එම ව්‍යාකූල තත්ත්වය නොකඩවා පැවති බවත් පෙන්වා දුන්නේ ය.
මෙහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) විභාග යට ගත්තේය.