බාල වයස්කාර දැරියක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් අපයෝජනයට ලක්වූ බවට වාර්තා පලවීමත් සමග, එම සිදුවීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් සපයන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරීන්ට නියෝග කර ඇත.
මේ අතර මෙම සිදුවීමට අදාලව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් ‘ද ලීඩර්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
අනතුරුව සිදුවීමට අදාළ යැයි කියන පෙදෙසේ ස්ථානීය පරීක්ෂාවක් කළ බව ද එම නිලධාරියා සඳහන් කළ බව එම පුවතේ සඳහන් වෙයි .
අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරිය පවස ඇත්තේ තම මව අටමස්ථානාධිපති හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවයි. වින්දිත දැරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ හිමිනමට අමතරව ව්යාපාරිකයකුගෙන්ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දුන් බව දැරිය පවසා තිබේ.