මුදල් අමාත්‍යංශ නිළධාරියාගේ මරණය දිවිනසා ගැනීමක්.

සැක කටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂව රංග රාජපක්ෂගේ මරණය දිවිනසාගැනීමක් බව ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර ඇත . ඔහු විසින් සිදුකරගත් තුවාල ඊට හේතු වී ඇති බව එම කමිටුව නිගමනය කර ඇත.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ ඉකුත් 30 වනදා කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී මියගොස් සිටියදි පොලිසිය විසින් සොයාගනු ලැබීය . එම මරණය සැකකටයුතු බවට මත පලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත්කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ පවත්වන ලදි .