නොරොච්චෝල, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී කරාටේ මාස්ටර්වරයෙක් එහි නිවැසි දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දී ඇතිබව් වාර්තා වේ . මෙලෙස අත කැඩි ඇත්තේ මාම්පුරිය ප්‍රදේශයේ පදිංචි ආශා කුමාරි ෆොන්සේකා (37) නමැති කාන්තාවකගේය . එම පහර දීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටිනා එම කරාටේ මාස්ටර් අත්අඩංගුවට ගැනීම සඳහා නොරොච්චෝල පොලිසිය මේවන විට විමර්ශන ආරම්භ කර ඇතිබව වාර්තා වේ .
පහර කෑ කාන්තාවගේ නිවසේ දරුවන් බෆල් එකක් දමාගෙන ශබ්ද නඟා ගීත ගයමින් සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී එහි පැමිණි අසල නිවසක පදිංචි කරාටේ ගුරුවරයා බෆල් එකේ ශබ්දය අඩු කරන ලෙස දන්වා ඇත .
නිවැසියන් ඊට එකඟ නොවීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ඇතිව ඇත . පසුව එය කෝළහලයක් බවට පත්ව ඇති අතර කරාටේ මාස්ටර් මාස්ටර් විසින් එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවට නංචක්කු ප්‍රහාරය එල්ල කර ඇත .
මෙම පවුල් දෙක අතර මීට පෙරද යම් ගැටුම්කාරී තත්ත්වයන් පැවතී ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවගේ දකුණු අතේ අස්ථි බිඳීමක් සිදුව ඇත . ඇය මේ වන විට පුත්තලම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී .