අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ගම මට්ටමින් ව්‍යප්ත කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ . ඒ අනුව දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් අලුතින් විවෘත කිරීමට නියමිතය .
මේ වසරේ දෙසැම්බර් මාසය වන විට මෙම සියලුම ප්‍රාදේශීය කාර්යාල විවෘත කර අවසන් කරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේය.
මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහ සාක්ෂි ලබාදීමට රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයටම පැමිණීමට සිදුව තිබිණි. මෙමඟින් ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන නව ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමට තීරණය කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම නව කාර්යාල ජාලය හරහා ප්‍රාදේශීය මට්ටමින් පැමිණිලි භාර ගැනීම මෙන්ම ඒවා විමර්ශන කර සහ නඩු පැවරීම සිදුකරනු ඇත.