පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවෙන් තරමක් ඈත් වී, නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නැවතත් සක්‍රීය දේශපාලනයට එක්වීමට සූදානම් බවට වන පුවත දේශපාලන කරළියේ මේ දිනවල දැඩි අවධානයට ලක්ව ඇත .
මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසූවේ රනිල් වික්‍රමසිංහ දේශපාලනයට නැවත පැමිණීමට කිසිම වේලාවක ඉන් ඉවත් වී නොසිටි බවයි.
“එතුමා මෑතකදී ප්‍රසිද්ධියේ දකින්න නොසිටියත්, දේශපාලන වැඩකටයුතුවල දිගටම සක්‍රීයව හිටියා. කිසි විටකත් ඔහු දේශපාලනයෙන් ඉවත්ව සිටියේ නෑ . අපිට නිතරම මුහුණට මුහුණ හමුවුණා, ඒ වගේම දුරකථනයෙන් නිතරම සාකච්ඡා කළා. මේවන විටත් ඔහු ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් විපක්ෂයේ බලවේග නැවත පෙළගැසෙමින් සිටිනවා .
විපක්ෂය වර්තමානයී සක්‍රීය වීමට ප්‍රධාන හේතුව රනිල් වික්‍රමසිංහගේ සෘජු මැදිහත්වීම සහ දායකත්වය බව රහසක් නොවේ.” යයි ඔහු වැඩි දුරටත් පැවසීය .
මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසනුයේ ඉදිරි සති කිහිපය තුළ විපක්ෂයේ ප්‍රධාන සන්ධානයක මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම කරළියට පැමිණීමට නියමිත බවය.