ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළේය
ඒ අනුව, රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදාහරීන ලද අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය.
පසුගිය 28 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න කළ ඇප ඉල්ලීම සලකා බලමින් මෙම තීන්දුව ලබා දුන්නේය .