විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිධ චෝදනා එල්ලවූවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි . ඔහු මේ බව පැවසූවේ අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදිනට පිළිතුරු ලබා දෙමිනි .
මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ කළමනාකාරීත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙතද පැමිණි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය අනුව බවත් අමාටහ්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ත්ව පුරවැසියෙක්දැයි එහිදී මාධ්‍යවේදී නැගී ප්‍රශ්ණයකට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය .
“ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි.”