අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුර අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළදී සිදුව ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
බෝයිං බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් යනු ඇමරිකානු න්‍යෂ්ටික හැකියාවන් සහිත සබ්සොනික් ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන උපායමාර්ගික බෝම්බ හෙලන යානයකි. එය ප්‍රකට බෝයින් සමාගමේ නිෂ්පාදනයකි . 1955 වසරේ සිට භාවිත කරනා මෙම ගුවන් යානා විශේෂය එන්ජින් 8 ක් විසින් බලගන්වයි .